Saturday, December 8, 2012

එකමත් එක රටක



තුන්වෙනි කෑල්ල හොඳේ...

ඒපාර නලියා දැන් බක ජාතකේ අහන්න වගේ ඇස් කටේ ගෙන ෂෝනා දිහා බලාගෙන ඉන්නේ ෂෝනා මයික් එක අතට ගන්නකම්...පිස්සු හැදෙයි වටිනා කියන දේවල් එහෙම මෙලොරක් නැතුව කියන්න පුලුවන්ද පොල්ලෙන් ගැහුවා වගේ..මල් ඇඳලා බෝරිච්චි අල්ලලා කැටයම් කපලා එපැයි කියන්න...නලියාගේ ඉවසීමේ සීමාව පනින්නකම් ඉඳලම මං story  එක short and sweet  කියලා දැම්ම...

"හෑ  ඒකියන්නෙ  උඹගේ ඇඟේ හැප්පිලා කොන්ඩකිරිල්ලි  වැටුනා වැටෙනකොට මේක උඹේ shirt එකේ පැටලුනා "

අනේ මම දන්නේ නැහැ මු අන්දකයිප්පු කාලද ඉන්නේ කියලා

"එක නේන්නම් හෝහපුටුවෝ මම දැන් උඹට කියුවේ'

"එක මාර සීන් එකනේ බන් ෂෝනෝ hindi film එකක shot එකක් වගේ බන්.."

"එකනම් මම දන්නේ නැහැ නලියා හැබැයි කොන්ඩකිරිල්ලි katrina kaif වගේ ලස්සනයි නලියෝ..අහ මේ එක නෙමේ ඒ මගුල නිසා මට උඹට වැදගත්ම දේ කියන්න බැරි උනා බොසා මට කියුවා punishment විදියට ඕනේ week  kandy  branch එකේ වැඩට යන්න "

"අෆ්ෆා එහෙමද උඹ යනවද ? මේ එක නෙමේ දැන් අර කෙල්ලගේ චෙන් එකට මොකද කරන්නේ ෂෝනෝ ?

"මොනවා කරන්නද බන් හොයාගෙන ආවොත් දෙනවා නැත්තම් මගේ ළඟ තියාගන්නවා"

ෂෝනාගේ  කටින් එහෙම පිට උනාට හිතනම් කියුවේ කොන්ඩකිරිල්ලි  සිරිලංකාව පීරලා  හරි කමක් නැහැ හොයාල මේක එයාට දෙන්න කියලා එත් ඉතින් නමක් ගමක් දන්නේ නැතුව කොහොම හොයන්නද?කොහොම උනත් කමක් නැහැ කියල කොන්ඩකිරිලල්ගේ චෙන් එක පරිස්සමට පර්ස් එකේ දා ගත්තා..

"මේ නලියෝ එහෙනම් මම යන්නම් බොසා මට කියුවේ දැන්මම kandy යන්න කියල..ඔකේ මචන් එහෙනම් මම ගියා week end එකේ set වෙමු "
"හරි ෂෝනෝ එහෙනම් ගෑල්ලමයිගෙන් පරිස්සම්වෙලා පලයන්.."

මම හැරෙන තැපෑලෙන් ගෙදර ගිහින් අම්මිට seen එක කෙටියෙන් කියලා මගේ ඇදුම් ටිකකුත් pack කරගෙන kandy බස් එකක එල්ලුනා බස් එකේ අයිනක් අල්ලාගෙන වාඩිවෙලා හොඳට හරිබරි ගැහිලා ඇස්  පියාගත්තේ kandy වලට යනකන්ම කටකපලා නින්දක් දාන්නම් කියල හිතාගෙන...මොන නිදාගැනිල්ලක්ද  අෆ්ෆා ඇස් දෙක පියාගත්තා විතරයි කොන්ඩකිරිල්ලි කොහේදෝ ඉඳල පියඹලා ඇවිල්ල මගේ ඇස් දෙකේ වැහුවා....හෑ ...මට හිතෙන විදියට නම් coming colours not good ..ඒ නින්දෙන් කමක් නැහැ කියලා මම පොඩ්ඩක් වට පිටවට ඇහැ දාලා බැලුවා..මේ දෑස මගේ පින්වන්තයි තේරුනේ දැන් තමයි මෙන්න බොලේ බස් එක ලඟින් හිමින් හිමින් අඩි තිය තිය කොන්ඩකිරිල්ලි පැද්දී  පැද්දී  යනවා...මම ආයේ දෙපාරක් හිතන්නේ නැතුව බස් එකෙන් එලියට පැන්නේ කොන්ඩකිරිල්ලිට එයාගේ මාලේ return කරන්න හිතාගෙන එතකොට තමා දැක්කේ කොන්ඩකිරිල්ලි යන්නේ එයාගේ යාලුවෙක් එක්ක කියලා ඕනි කජු ගෙඩියක් පුහුලුමට බර නැහැ කියලා මම ශු ශු පාරක් දැම්ම නැහැ කිසිම ප්‍රතිචාරයක් . පස්සේ ටිකක් සද්දේ වැඩිකරලා

"කොන්ඩකිරිල්ලි  " කියුවා කිරිල්ලිනම් බැලුවේ නැහැ යාලුවා බැලුවා මම යාලුවට කියුවා කිරිල්ලිට කතා කරන්න කියලා...

"නතාෂා කවුද මන්ද boy කෙනෙක් ඔයාට කතාකරනවා.."

අන්න එතකොට එයා මම දිහා බැලුවා අෆ්ෆේ මගේ කොන්ඩකිරිල්ලිගේ නම නතාෂද? එකත් ජයසිරි මංගලම් කියලා මම කෙල්ලෝ දෙන්න ඉන්න පැත්තට අඩිය උස්සනකොටම කොහෙන්දෝ මන්දා බුලට් එකක් වගේ ප්‍රාඩෝ එකක් අපි දෙගොල්ලෝ මැද්දේ නැවැත්තුවා.මම බලාගෙන ඉද්දීම මම කතාකලේ ඇයි කියලා අහන්නෙත් නැතුව එයාගේ ළඟ නවත්තපු වන්ඩියේ ඉස්සරහා සීට් එකෙන් වාඩිවෙලා මගේ දිහාට අහංකාර බැල්මක් දාගෙන ගුවන් ගත උනා...

ඉවරයි කියුවට ඉවර නෑ ....
ලියන මම

<3 NaUgHtY <3

Tuesday, December 4, 2012



මේක දෙවැනි කෑල්ල හොඳේ..


මම බොසාගේ රූම් එකට ගිය විතරයි ඉතින් මගේ ආදරණිය බොසා ගන්ටාරේ ගහගෙන සද්ද පුජාව පටන් ගත්තා..නිකන් ලාවට වගේ ෂෝන්ගේ කනට වැටුනා මෙහෙම කියනවා බොසා..

"ෂොහාන් මෙහෙම වැඩ කරන්න බැහැ ඔයා මේවිදියට හැසිරෙන එකෙන් මට මගේ ආයතනයේ අනික් සේවකයෝ ටික පාලනය කරගන්න බැරි වෙනවා.මට සිද්ධ වෙනවා.ඔයාගේ ප්‍රමාදවී පැමිණීමට ක්‍රියාමාර්ගයක් ගන්න.මම හිතන්න මිට කලින් මම ඔයාට warning දීලා තියනවා.ඔයා අද ඉඳල හරියටම  one week  අපේ kandy branch එකේ වැඩ කරන්න ඕනි මම හිතනවා ෂොහාන් ප්‍රශ්න මොකුත් නැහැ කියල මගෙන් අහන්න"

ඔන්න දැන් තමයි ෂෝනාගේ අතට බොසා එයාගේ සුමදුර දේශනාව අවසන් කරලා මයික් එක දුන්නේ..ෂෝනාට කියන්න තරම් දෙයක් තිබ්බේ නැහැ..

"ok sir මම යන්නම්.ප්‍රශ්නයක් නැහැ."

ෂෝනා වෙඩි වගේ උත්තර දුන්නා...

"එහෙනම් ෂොහාන් දැන් යන්න"

අනේ බොසාගේ කටින් ඒ වචන ටික ෂෝන්ට ඇහුනේ කනට මි පැණි වක්කරනවා වගේ..එක කියල ඉවර කරන්න කලින් මම රූම් එකෙන් එලියයට පැන්නා උදේ පාන්දර බොසාගේ යකඩෙකට තලනවා වගේ මිහිරි කට හඩින් අහපු කතාව නිසා ඒ වෙනකොට මට මහා පරිමාණයේ බඩගින්නක් තිබ්බ බඩට මොනවා හරි දාගන්න canteen එක පැත්තට යන්න හිතත හිත යනකොට තාම මට මතක් උනේ උදේ පාන්දර කොණ්ඩ කිරිල්ලියෙක්  ඇඟේ හැප්පුනා නේද කියලා..ඒ සැනින් කොණ්ඩ  කිරිල්ලිගේ මුණ මට මතක් උනේ එකසිය ගාණට  කේන්ති ගිහින් මට බැන  බැන  වැටිලා උන්න අපුරුව ෂෝනාගේ හිතේ අපුරුවට ඇදිලා තිබ්බා...මම හිතන විදියට මතක ඇති කාලේ ෂෝන්ගේ මතකයේ රැඳෙන්න පුළුවන් උනේ ඒ කොණ්ඩ කිරිල්ලිට තමා..තව එක පාරක් බලාගන්න තිබුන නම් කියල නොහිතුනා නෙමේ එත් ෂෝන් කියනේ ඔය මල් ගවුම් පස්සේ වැඩිය එලවන පොරක් නෙමේ..කල්පනාව පිට canteen එක ලගටම ඇවිත් කියල මම දැනගත්තේ මගේ අජාසත්ත ෆ්රෙන්තෝ නලිනයාගේ බෙලි කටු මල්ලේ සද්දේ ඇහෙද්දී

"ආආ ෂෝන් මහත්තයා කොයි බද උදයම දුවන්නේ රොඩී කොල්ලා වගේ...මේ ගියානම් ගිය තැනක ඉඳල එනකොට කට දෙපැත්තේ තියන පැණි ටික එහෙම පිහිදාගෙන වරෙන්..යකෝ කොටු පනින්න දන්නේ නැත්තම් මගෙන් අහගනින් පනින විදිය?"

හප්පෝ මුට මයික් එක හම්බවුනාම J.R ට මයික් එක හම්බුනා වගේ තමා..

"අනේ අනේ මේ නලියෝ උඹෙයි මගෙයි කොටු පැනිල්ල ගැන ඉතින් මගෙන් අහගන්න එපා හොදේ.."

"හරි හරි සහෝ ඔයා කලබල වෙනවනේ මේ එක නෙමේ කෙල්ල ලස්සනද චීස් බොලේ වගේද?කොන්ඩේ  දිගද?"

හෑ මු මොකක්ද මේ අහන්නේ මු කොහොමද කොන්ඩකිරිල්ලි  ගැන දන්නේ ෂෝනා පුදුමය හිතේ තියාගෙන සාක්කුවේ අත්  දෙක ගෙන කල්පනා කළා..

"අනේ අනේ කෙල්ල ගැන මතක් කළා විතරයි ෂෝන් කෙල්ලගේ තුරුලේ...හු හු...ෂෝනා කපෝතියි.."

"අන්න අන්න නලින් උඹට වැරදුන මම මේ කල්පනා කලේ උඹ මගෙන් අහන්නේ මගේ කොයි චීස් බොලේ ගැනද කියල"

"වෙන චීස් බෝලයක් ගැන නෙමේ බන් උබේ shirt එකෙ ඒකිගේ චේන් එක පටලවල ගිය චීස් බොලේ ගැන "

කියන ගමන් නලින් මගේ shirt එකේ පැටලිලා තිබ්බ ladies චේන් එකක් මගේ අතට දුන්නා


ඉවරයි කියුවට ඉවර නෑ

ලියන මම

♥ NaUgHtY ♥

Saturday, December 1, 2012

එකමත් එක රටක




මේක පලවෙනි කෑල්ල හොදේ...

මම සින් ගාල ස්පීඩ් කරලා යන්න ගියේ අඩියට දෙකට බොසාගේ රූම් එකට මිනිහා උදේම මට කන්ද උඩ  දේශනාව දෙන්න එන්න කියල තිබ්බා..කොහෙද ස්පීඩ් කරාට කරපු වේගෙන් මට යන්න හම්බවුනේ නැහැ..දඩෝන්  ගාලා කොහේදෝ යන කොන්ඩ කිරිල්ලියෙක් හෙන ගහන්නා වගේ ඇවිල්ලා ෂෝනාගේ ඇඟේ  හැප්පුනා ජරමර අස්සේ බරකරත්ත කියුවලු ෂෝන්ට උනොත් වෙන්නේ වෙන්නේ ඔයවගේ වැඩක්මයි අනේ පවු කියන්නේ ඒ මගේ ඇඟේ  හැප්පුන වේගෙට ඒ ගෑනු දැරිවි හතර ගාතේ දාල බිම ඉන්නවා මම දැක්ක.."අනේ බබා ඔයා පොඩ්ඩක් හිමින් නැගිටින්න " කියන ගමන් ඕනි ගොරකා ගෙඩියක් ගොරකා ගහේ කියල මම එතනින් මාරු උනා...ලාවට වගේ මට ඇහුනා ගෑල්ලමයා මට හරිම ආදරෙන් සුබ පතනවා...ඉතින් ෂෝන්ට  නිකන් හිතුනා කොන්ඩ කිරිල්ලිගේ මුණ පොඩ්ඩත් බලාගෙන යන්න.අෆ්ෆා සුදු මුනේ ලස්සන කියාගන්න බැහැ.....අටපට්ටම වගේ වෙලා..මිට කලින් මේ පැත්තේ අහසේ පායපු රන් තරුවක් නෙමේ වගේ එහෙම නම් ඉතින් ෂෝන්ගේ මීටරේට කොන්ඩ කිරිල්ලි වැටිලා තියෙන්න එපැයේ....අතේ තිබ්බ කොල ටික හතර අතේ ෂෝන්ගේ පපුව නිකන් මොකක්ද වෙලා ගියා...කොන්ඩ කිරිල්ලි හරි අමාරුවෙන් හිමින් හිමින් නැගිටලා කොළ ටික එකතු කරද්දී මම බෝස්ගේ රූම් එක ඇතුලට ගියා

ඉවරයි කියුවට ඉවර නෑ

ලියන්න මම

<3 NaUgHtY <3

පෙරවදනක් නෙමේ මේක..

කිසිම වැඩක් හරියට හිතලා පටන්ගන්නේ නැති..පටන් ගත්තට පස්සේ අනුන්ගේ කටේ බලේට අරගෙන යන කෙනෙක්..හැබැයි ඉතින් නම නෝටි උනාට වැඩනම් නෝටි නැහැ..වැඩි කතා බතා ඕනි නැහැ මල්වඩම් අනවශ්‍යයි..කෙලින්ම එහෙනම් කියන්නම්කො ..නෝටි කියන්නේ මහා ගත්කතුවරයෙක් නම් නෙමේ..හැර බර තද බල seen ලියන්න මම දන්නේ නැහැ..නිකන් විහිලුවට වගේ තමයි..නෝටි ලියන්නේ..අනික තමන්ගේ රටේ නෙමෙයි නිසා ඉන්නේ පාළු මකාගන්නත් එක්කයි මේ නෝටියා ලියන්නේ කෙටියෙන් නම් නෝටි කියන්නේ..ජනප්‍රිය,භයංකර,දරුණු ..පිස්සු cause එකක්..එහෙනම් කැමති කෙනෙක් ඉන්නවනම් බලන්ඩලාකෝ..අකමැතිනම් එත් බලන්ඩො..

ලියන මම

<3 NaUgHtY <3