Saturday, December 8, 2012

එකමත් එක රටක



තුන්වෙනි කෑල්ල හොඳේ...

ඒපාර නලියා දැන් බක ජාතකේ අහන්න වගේ ඇස් කටේ ගෙන ෂෝනා දිහා බලාගෙන ඉන්නේ ෂෝනා මයික් එක අතට ගන්නකම්...පිස්සු හැදෙයි වටිනා කියන දේවල් එහෙම මෙලොරක් නැතුව කියන්න පුලුවන්ද පොල්ලෙන් ගැහුවා වගේ..මල් ඇඳලා බෝරිච්චි අල්ලලා කැටයම් කපලා එපැයි කියන්න...නලියාගේ ඉවසීමේ සීමාව පනින්නකම් ඉඳලම මං story  එක short and sweet  කියලා දැම්ම...

"හෑ  ඒකියන්නෙ  උඹගේ ඇඟේ හැප්පිලා කොන්ඩකිරිල්ලි  වැටුනා වැටෙනකොට මේක උඹේ shirt එකේ පැටලුනා "

අනේ මම දන්නේ නැහැ මු අන්දකයිප්පු කාලද ඉන්නේ කියලා

"එක නේන්නම් හෝහපුටුවෝ මම දැන් උඹට කියුවේ'

"එක මාර සීන් එකනේ බන් ෂෝනෝ hindi film එකක shot එකක් වගේ බන්.."

"එකනම් මම දන්නේ නැහැ නලියා හැබැයි කොන්ඩකිරිල්ලි katrina kaif වගේ ලස්සනයි නලියෝ..අහ මේ එක නෙමේ ඒ මගුල නිසා මට උඹට වැදගත්ම දේ කියන්න බැරි උනා බොසා මට කියුවා punishment විදියට ඕනේ week  kandy  branch එකේ වැඩට යන්න "

"අෆ්ෆා එහෙමද උඹ යනවද ? මේ එක නෙමේ දැන් අර කෙල්ලගේ චෙන් එකට මොකද කරන්නේ ෂෝනෝ ?

"මොනවා කරන්නද බන් හොයාගෙන ආවොත් දෙනවා නැත්තම් මගේ ළඟ තියාගන්නවා"

ෂෝනාගේ  කටින් එහෙම පිට උනාට හිතනම් කියුවේ කොන්ඩකිරිල්ලි  සිරිලංකාව පීරලා  හරි කමක් නැහැ හොයාල මේක එයාට දෙන්න කියලා එත් ඉතින් නමක් ගමක් දන්නේ නැතුව කොහොම හොයන්නද?කොහොම උනත් කමක් නැහැ කියල කොන්ඩකිරිලල්ගේ චෙන් එක පරිස්සමට පර්ස් එකේ දා ගත්තා..

"මේ නලියෝ එහෙනම් මම යන්නම් බොසා මට කියුවේ දැන්මම kandy යන්න කියල..ඔකේ මචන් එහෙනම් මම ගියා week end එකේ set වෙමු "
"හරි ෂෝනෝ එහෙනම් ගෑල්ලමයිගෙන් පරිස්සම්වෙලා පලයන්.."

මම හැරෙන තැපෑලෙන් ගෙදර ගිහින් අම්මිට seen එක කෙටියෙන් කියලා මගේ ඇදුම් ටිකකුත් pack කරගෙන kandy බස් එකක එල්ලුනා බස් එකේ අයිනක් අල්ලාගෙන වාඩිවෙලා හොඳට හරිබරි ගැහිලා ඇස්  පියාගත්තේ kandy වලට යනකන්ම කටකපලා නින්දක් දාන්නම් කියල හිතාගෙන...මොන නිදාගැනිල්ලක්ද  අෆ්ෆා ඇස් දෙක පියාගත්තා විතරයි කොන්ඩකිරිල්ලි කොහේදෝ ඉඳල පියඹලා ඇවිල්ල මගේ ඇස් දෙකේ වැහුවා....හෑ ...මට හිතෙන විදියට නම් coming colours not good ..ඒ නින්දෙන් කමක් නැහැ කියලා මම පොඩ්ඩක් වට පිටවට ඇහැ දාලා බැලුවා..මේ දෑස මගේ පින්වන්තයි තේරුනේ දැන් තමයි මෙන්න බොලේ බස් එක ලඟින් හිමින් හිමින් අඩි තිය තිය කොන්ඩකිරිල්ලි පැද්දී  පැද්දී  යනවා...මම ආයේ දෙපාරක් හිතන්නේ නැතුව බස් එකෙන් එලියට පැන්නේ කොන්ඩකිරිල්ලිට එයාගේ මාලේ return කරන්න හිතාගෙන එතකොට තමා දැක්කේ කොන්ඩකිරිල්ලි යන්නේ එයාගේ යාලුවෙක් එක්ක කියලා ඕනි කජු ගෙඩියක් පුහුලුමට බර නැහැ කියලා මම ශු ශු පාරක් දැම්ම නැහැ කිසිම ප්‍රතිචාරයක් . පස්සේ ටිකක් සද්දේ වැඩිකරලා

"කොන්ඩකිරිල්ලි  " කියුවා කිරිල්ලිනම් බැලුවේ නැහැ යාලුවා බැලුවා මම යාලුවට කියුවා කිරිල්ලිට කතා කරන්න කියලා...

"නතාෂා කවුද මන්ද boy කෙනෙක් ඔයාට කතාකරනවා.."

අන්න එතකොට එයා මම දිහා බැලුවා අෆ්ෆේ මගේ කොන්ඩකිරිල්ලිගේ නම නතාෂද? එකත් ජයසිරි මංගලම් කියලා මම කෙල්ලෝ දෙන්න ඉන්න පැත්තට අඩිය උස්සනකොටම කොහෙන්දෝ මන්දා බුලට් එකක් වගේ ප්‍රාඩෝ එකක් අපි දෙගොල්ලෝ මැද්දේ නැවැත්තුවා.මම බලාගෙන ඉද්දීම මම කතාකලේ ඇයි කියලා අහන්නෙත් නැතුව එයාගේ ළඟ නවත්තපු වන්ඩියේ ඉස්සරහා සීට් එකෙන් වාඩිවෙලා මගේ දිහාට අහංකාර බැල්මක් දාගෙන ගුවන් ගත උනා...

ඉවරයි කියුවට ඉවර නෑ ....
ලියන මම

<3 NaUgHtY <3

1 comment:

  1. පනිෂ්මන්ට් කියන්නේ මොකා හදපු වචනයක්ද මන්දා...
    මම මේ කියල තියෙන දේ මේ සතියේ අත් දෙකෙන්ම අත්දැක්ක..
    අත් විතරක් නෙමේ කකුලුත් දැක්කා..

    ReplyDelete